வசீம் தாஜுதீன் படுகொலை விசாரணைகளில் திடீர் திருப்பம்.
யோஷித்த இல்லை நாமல் ராஜபக்ஸவே சூத்திரதாரியாம்?
தாஜுடின் கொலை குறித்த சீ.சீ.டி.வி காட்சிகளும் அம்பலமாம்
தகவல்களை ஆதாரம் காட்டி கொழும்பின்
முக்கிய இணையத்தளம் ஒன்று செய்தி வெளியிட்டுள்ளது.
வசிம்
தாஜுடின் கொலை
குறித்த சீ.சீ.வி காட்சிகள் கிடைக்கப்
பெற்றுள்ளதாக தெரிவிக்கப்படுகிறது.
நாட்டின்
மிக முக்கியமான
அரசியல்வாதிகள் சிலர் மீதும் குற்றம் சமத்தப்பட்ட
பெரும் சர்ச்சையை
ஏற்படுத்திய கொலைச் சம்பவம் தொடர்பான திடுக்கிடும்
காட்சிகளை புலனாய்வுப்
பிரிவினர் திரட்டியுள்ளனர்.
உயிரிழந்த
நபர் பயணத்தை
ஆரம்பித்தது முதல் கொலையுண்ட இடம் வரையிலான
பகுதிகளில் இந்த சீ.சீ.டி.வி கமரா
காட்சிகள் திரட்டப்பட்டுள்ளன.
இந்த காட்சிகள்
விரைவில் நீதிமன்றில்
சமர்ப்பிக்கப்படவுள்ளது.
இந்த
மரணம் கொலை
என்பதனை நிரூபிக்கும்
சாட்சியங்கள் நீதிமன்றில் ஏற்கனவே சமாப்பிக்கப்பட்டு வரும் நிலையில், இந்தக் காட்சிகளையும்
விரைவில் நீதிமன்றில்
சமர்ப்பிக்க நடவடிக்கை எடுக்கப்படும் புலனாய்வுப் பிரிவினர்
தெரிவித்துள்ளனர்.
இந்த
சீ.சீ.டி.வி கமரா காட்சிகள்
வெளியாகினால் நாட்டின் அரசியல் வட்டாரத்தில் பெரும்
சர்ச்சைகள் ஏற்படக் கூடும் என தெரிவிக்கப்படுகிது.
குற்றச்
செயல்களுடன் தொடர்புடையவர்கள் அடையாளம் காணப்பட்டுள்ளதாகவும், நீதிமன்ற உத்தரவின் பின்னர் சந்தேக
நபர்கள் கைது
செய்யப்படுவர் எனவும் தெரிவிக்கப்படுகிறது.
வசீம் தாஜுதீன் படுகொலை
விசாரணைகளில் திடீர் திருப்பம்.
யோஷித்த இல்லை.
நாமல் ராஜபக்ஷவே சூத்திரதாரியாம்?
தகவல்களை ஆதாரம் காட்டி கொழும்பின் முக்கிய
முதன்மையான இணையத்தளம் ஒன்று செய்தி வெளியிட்டுள்ளது.
செய்தி விபரம் இதோ...........
තජුඩීන්
ඝාතනය කරන ලද්දේ යෝෂිත රාජපක්ෂගේ පෙම් පලහිලව්වකට යැයි මෙතෙක් ප්‍රචාර පැතිර ගියද තජුඩීන් ඝාතනය කර ඇත්තේ නාමල් රාජපක්ෂගේ වුවමනාවට සහ ඔහුගේ මග පෙන්වීම අනුව යැයි පරීක්ෂණ වලදී හෙලිදරව් වී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. ඒ අනුව මෙම ඝාතනයේ පළමු වගකිව යුත්තා නාමල් රාජපක්ෂ වන අතර යෝෂිත වගකිව යුතු වන්නේ දෙවන වටයේදී බව දැනගන්නට ඇත.
මේ
අතර තජුඩීන් පැහැරගත් ජනාධිපති ආරක්ෂක අංශයට සම්බන්ධ පුද්ගලයන් 6 දෙනෙකු සතුව තිබූ ඩයලොග් දුරකථන වලින් ලබා ගත් ඇමැතුම් පිලිබඳ මෙම පරීක්ෂණ වලට අදාල තොරතුරු ඩයලොග් සමාගමේ අධිපති හාන්ස් විජේසූරිය විසින් සිතා මතා වසන් කරන බවද දැනගන්නට ඇත. හාන්ස් විජේසූරිය විසින් මේ දක්වා එම දුරකථන වාර්තා ලබා නොදී මග හරිමින් සිටී. ඔහු පවසන්නේ පැහැර ගැනීම සිදුකළ දිනය සහිත සති දෙකක එකී දුරකථන වල වාර්තා ඔවුන්ගේ සර්වර් වලින් මැකී ගොස් ඇති බවයි. එවැන්නක් ජංගම දුරකථන ජාලයක කිසිසේත්ම සිදුවිය නොහැක්කකි. ඒ අනුව මෙම ඝාතන පරීක්ෂණයකට බාධා කිරීම යනු ඝාතනයට උදව් කිරීමක් වන බැවින් එම චෝදනා යටතේ හාන්ස් විජේසූරියද අත් අඩංගුවට ගත හැකි වනවා ඇත.
හිටපු
විගණකාධිපති පී.එම්.ඩබ්. විජේසූරියගේ පුත්‍රයෙකු වන ආචාර්ය ශ්‍රීධීර් සාරිපුත්ත හන්ස විජේසූරිය හෙවත් හාන්ස් විජේසූරිය නමැත්තා රාජපක්ෂ දරුවන් පාසැල් ගිය සාන්ත තෝමස් විදුහලේම ආදි සිසුවෙක් වන අතර එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියෙන් උපාධි ලැබූවෙකි. ඩිජිටල් ජංගම සන්නිවේදනය සම්බන්ධයෙන් ඔහුගේ ආචාර්ය උපාධිය ලබාගෙන ඇත්තේ එංගලන්තයේ බ්‍රිස්ටල් සරසවියෙනි. කෙතරම් උගත් වැදගත් පවුල් පසුබිමකින් පැවත ආවද ඔහු පසුගිය කාලයේ රාජපක්ෂලා සමග ඩීල් බිස්නස් කළ පුද්ගලයෙක් වේ. මොහු තම ඩයලොග් සමාගම කෙතරම් පරදාර සේවනයක යොදා තිබිනිදැයි කියන්නේ නම් හමුදා බුද්ධි අංශ වලට ඕනෑම අවස්ථාවක ඩයලොග් සමාගමේ ජංගම දුරකථන වලට සවන් දීමටත් ඒවායේ තොරතුරු ලබා ගැනීමටත් පහසුකම් රහසිගතව සපයා දී තිබී ඇත. එනම් තම පාරිභෝගිකයන් සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂට පාවා දී තිබී ඇත. හාන්ස් විජේසූරිය 2010 ජනාධිපතිවරණයේදී ඩයලොග් දුරකථන 1200 ක් මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරය සඳහා නොමිලේ ලබා දී තිබේ. මේ හේතු නිසා රාජපක්ෂ පුත්‍රයන් බේරා ගැනීමට අපරාධයකට අදාල තොරතුරු සැඟවීම නමැති අපරාධ සහායක ක්රියාවේ යෙදෙන හාන්ස් විජේසූරිය තමා විහින් රටේ මහජනතාවගේ අගෞරවයට අප්‍රසාදයට පමණක් නොව වෛරයට ද පාත්‍ර වී තිබේ.
මේ
අතර මිහිදන්කර තිබියදී ගොඩ ගන්නා තජුඩීන්ගේ දේහයෙන් ලබා ගන්නා ලද ඩී. එන්. ඒ. සහ ඔහුගේ මවගේ ඩී. එන්. ඒ. වාර්තා ගැලපෙන බව ජීන් ටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රුවන් ජේ. ඉලයප්පෙරුම පසුගිය 4 වෙනිදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් තහවුරු කෙළේය. එවැනි ඩී.එන්.ඒ පරීක්ෂණයක් කෙළේ තජුඩීන් මියයාමෙන් පසු සිදුකළ මරණ පරීක්ෂණ වාර්තාව සහ ඔහුගේ සිරුර මිහිදන් කර තිබූ ස්ථානයෙන් ගොඩ
ගැනීමෙන් පසුව සිදු කළ පරීක්ෂණ සමාන ද යන්න සොයා බැලීම සඳහාය.
එමෙන්ම
සිරුර ගොඩ ගැනීමෙන් පසුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන්, විශේෂඥ වෛද්‍ය ජීන් පෙරේරා සහ අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය එස්.පී.ඒ හේවගේ යන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් සිදුකරන ලද මරණ පරීක්ෂණ වාර්තාවද එදිනම අධිකරණයට වාර්තා කළ අතර ඉන් කියා සිටියේ ඔහුට පහරදී දුර්වලකොට මගී අසුනේ තබා අනතුර සිදුවීමට ඉඩ සලස්වා ඇති බවයි. ඔහු රථය එළවා නැති බවද තහවුරු
කෙරිණ. මරණයට හේතුව ගෙළ ප්‍රදේශයට, පපුවට සහ කකුල්වලට සිදුවී ඇති තුවාල හේතුවෙන් ඇති වූ ප්‍රතිවිපාක සහ ඉන්පසු ඇති වූ ගින්නේ ප්‍රතිවිපාක බව වෛද්‍ය මන්ඩලය වාර්තා කර ඇත. ඒ අනුව, ගිනි ගැනීම මරණයට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදුවෙමින් තිබූ කාලය තුළ සිදුව ඇති බවත්, ගිනි ගැනීම නිසා මරණය සිදුව නැති බවත් ඒ අනුව මෙය මිනීමැරුමක් ලෙස සහතික කර ඇත.
කෙසේ
වෙතත් මෙකී වාර්තාව නිකුත් වීමත් සමග මරණය සිදු වූ දා පරීක්ෂණ විකෘති කිරීමට නියෝග කළ විශ්‍රාම ලත් කුප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අත් අඩංගුවට ගත යුතු වනවා ඇත.
අදාල
වාර්තා දැන් අධිකරණයට බාර දී ඇති බැවින් ලබන සතියේ තජුඩීන් ඝාතනයට අදාල සැකකරුවන් වන ජනාධිපති ආරක්ෂක අංශයට සම්බන්ධ අයද අපරාධයක තොරතුරු වසන් කිරීම යටතේ හාන්ස් විජේසූරියද රාජපක්ෂ කෙනෙක්ද අත් අඩංගුවට ගැනීමට බොහෝ විට ඉඩ කඩ පවතී.
0 comments:
Post a Comment